27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබෑනාගේ මන්න පහරින් මාමණ්ඩිය එලොව යයි

බෑනාගේ මන්න පහරින් මාමණ්ඩිය එලොව යයි

බෑනා විසින් තියුණු ආයුධයකින් සිය මාමණ්ඩිය ඝාතනය කළ පුවතක් කළුතරින් වාර්තා වෙයි.

බෑණා සහ මාමණ්ඩිය අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ගල් අස්ස හේන පදිංචිව සිටි කේ ඩබ්ලිව් ගුණසිරි 72 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බෑණා ලේ තැවරුණු මන්නයක් සමඟ විනාඩි කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය. ඝාතනයට ලක්වූ මාමණ්ඩිය සහ බෑනා එකම නිවසක පදිංචිව සිට ඇති අතර සැකකරු රැකියාවක් නොකිරීම සම්බන්ධයෙන් මරණකරු විසින් නිරතුරුවම දොස් පැවරීම මෙම ඝාතනයට ආසන්නම හේතුව බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ .

මීට දින දෙකකට පමණ ඉහතදී නිවසින් පිට වී තිබූ සැකකරු අද (08) මාමණ්ඩිය අලූයම නිවසින් පිටතට පැමිණෙන තෙක් මුළුතැන් ගෙයි වහලය මත සැඟව සිට මුළුතැන් ගෙට ඇතුළුවන උළුවස්ස අසලදී මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.