― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්‍රේනයට ඩොලර් මිලියන 723ක මූල්‍ය පැකේජයක්

යුක්‍රේනයට ඩොලර් මිලියන 723ක මූල්‍ය පැකේජයක්

ලෝක බැංකුව විසින් යුක්‍රේනය සදහා ඩොලර් මිලියන 723ක මුල්‍ය පැකේජයක් අනුමත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ණය සහ ප්‍රදාන වශයෙන් එම මුදල අනුමත කර ඇති බවය.

රුසියානු ආක්‍රමණය හමුවේ පීඩාවට පත් යුක්‍රේන ජනතාව වෙනුවෙන් එම මුල්‍ය පැකේජය අනුමත කර තිබේ.

ඒ අනුව ලෝක බැංකුව පවසන්නේ රෝහල් සේවකයින් සඳහා වැටුප් ගෙවීමට, වැඩිහිටියන් සදහා විශ්‍රාම වැටුප් ගෙවීමට සහ අවදානමට ලක්වූවන් සඳහා අරමුදල් සැපයීමට මෙම මුදල් යුක්‍රේන රජයට උපකාර වනු ඇති බවය. 

එමෙන්ම ඉදිරි මාසවල දී ද යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 03ක පමණ මූල්‍ය පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව ද ලෝක බැංකුව සඳහන් කළේය.