27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocal'වැඩ කරන අපේ විරුවා' ගීතය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය

‘වැඩ කරන අපේ විරුවා’ ගීතය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය

‘වැඩ කරන අපේ විරුවා’ තේමා ගීතය සමාජ ජාල ඔස්සේ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරය සඳහා යොදාගත් ‘වැඩ කරන අපේ විරුවා’ තේමා ගීතය මේ දිනවල සමාජ ජාලවල විවිධ ආකාරයෙන් භාවිතා කර අතර ඉන්ධන පෝලිම්වලද, මිරිහාන ප්‍රදේශයේ කිරිපිටි පෝලිමකද ඇතැමුන් එය වාදනය කරනු සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.