― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට ආනයන කොන්දේසි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට ආනයන කොන්දේසි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීම සීමා කරමින් නිකුත් කිරීමට නියමිත රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම පාලනය කිරීම වෙනුවෙන් ආනයන අධෛර්යමත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව මෙලෙස අත්‍යවශ්‍ය නොවන යැයි හඳුනාගත් භාණ්ඩ වර්ග ලැයිස්තුවක් සකස් කර ඇත.

මේ පිළිබඳ අදහස් පළකළ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම සඳහන් කරන ලද්දේ මෙම භාණ්ඩ වර්ග මෙරටට ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට කොන්දේසි තුනක් යටතේ ආනයනය කිරීමට ඉඩප්‍රස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. ඒ අනුව ඇතැම් භාණ්ඩ මෙරටට ගෙන්වීමේ දී විශේෂිත බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර තවත් භාණ්ඩ සංඛ්‍යාවකට පැනවෙන බදු ප්‍රතිශත ඉහළ නැන්වෙනු ඇත. මීට අමතරව ඉතිරි භාණ්ඩ වර්ග සිමා කරමින් මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය වෙනත් විකල්ප ක්‍රම අනුගමනය කෙරෙනු ඇත.


මෙම නව ආනයන සීමාවන්ට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය කරටයුතු කරනු ඇතැයි වාර්තා සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ගේ මැදිහත්වීම මත මීට පෙරද අත්‍යවශ්‍ය නොවන යැයි නම්කරන ලද භාණ්ඩ වර්ග 623ක් සඳහා ආනයන සීමා පනවන ලද අතර වත්මන් අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම ධුරයට පත්වීමත් සමග එම සීමාකිරීම් ඉවත්කෙරිණි.ඔබේ