28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමාත්‍යාංශ දෙකක නව විෂය පථයන් ගැසට් කෙරේ

අමාත්‍යාංශ දෙකක නව විෂය පථයන් ගැසට් කෙරේ

පසුගියදා සිදුකරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව එම විෂය පථයන් ගැසට් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව, වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය සහ අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළත් කර ඇති බව සඳහන්ය.