― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව අත්හිටුවයි

රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව අත්හිටුවයි

රාජ්‍ය නිලධාරීන්ට මාසිකව දෙන විශේෂ ඉන්ධන දීමනා සම්පූර්ණයෙන් නවතා දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (08) නිකුත් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමි ඉන්ධන ලීටර 225ට අමතරව විශේෂ රාජකාරි සඳහා ගෙවනු ලබන විශේෂ ඉන්ධන දීමනා මේ අනුව නවතා දැමීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසයි.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මේ පියවර ගෙන ඇත.

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් තාවකාලිකව මේ පියවර ගෙන ඇති බවත් ඈත පළාත්වල පවතින සාකච්ඡා හැකි තරම් සූම් තාක්ෂණය මඟින් සිදු කිරීමට උපදෙස් දී ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.