33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

ජනාධිපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

ආණ්ඩුව පොරොන්දු ආකාරයට ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව මෙම සතියේ හෝ පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ විවාදයට හෝ සර්ව පාක්ෂික සමුලුවට පක්ෂවලට සූදානම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදීය.

මෙම වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට නියමිත අතර එම සර්ව පාක්ෂික සමුළුවට පෙර අදාළ වාර්තාව ලබා දීමට කටයුතු කරන බව ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කලේය.