27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු ඇරඹෙයි

නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු ඇරඹෙයි

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුරේ සංරක්ෂණ කටයුතු ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ව විද්‍යා අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) ආරම්භ කර තිබේ.

මේ වනවිට හස්තියාගේ චර්මය ඉවත් කිරීමේ කටයුතු සිදු කරන අතර ඒ සඳහා සති දෙකක් පමණ ගතවනු ඇති බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී අපිචර්මය ඉවත් කරගෙන එය සංරක්ෂණය කරන බවත් ඇත් රුව ස්ථානගත කරන්නේ කොතැනද යන්න පිළිබඳ මේ වනතුරු තීරණයක් ගෙන නොමැති බවත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම කටයුත්ත දියවඩන නිලමේ නිලංග බණ්ඩාර දෑලගේ අභිමතය අනුව සිදුවන අතර සංරක්ෂණ කටයුතු ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනුජා කස්තුරිආරච්චිගේ උපදෙස් මත සිදුකෙරේ.