31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෞද්ගලික දත්ත ආරක්ෂක පනතෙන් මාධ්‍ය අයිතිවාසිකම් කප්පාදු වෙන්නෑ

පෞද්ගලික දත්ත ආරක්ෂක පනතෙන් මාධ්‍ය අයිතිවාසිකම් කප්පාදු වෙන්නෑ

පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත අද (09) අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී ඔහු කියා සිටියේ මෙම පනත හරහා මාධ්‍ය අයිතිවාසිකම් කප්පාදු නොකරන බවට තමා සහතික වන බවයි.

එම පනත ඉදිරිපත් කරන අවස්ථාවේදීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එම පනතට විරෝධය දැක්වූ අතර ඊට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ඔහු මුල් පිටුවවත් නොකියවා පනතට විරුද්ධත්වය පල කළ බවයි.

එසේම පනතට එරෙහිව අධිකරණයට යාමට දින 14ක කාලයක් තිබුණත් එම කාලයේදී කිසිවෙකුත් අධිකරණයට ගොස් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.