26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේදී දියර කිරි ඉල්ලා මන්ත‍්‍රීවරුන් යකා නටයි

පාර්ලිමේන්තුවේදී දියර කිරි ඉල්ලා මන්ත‍්‍රීවරුන් යකා නටයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක් හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඊයේ (08) එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද ඇති වී ඇති අතර මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට දියර කිරි සපයාදී නැති බවයි.

මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද ඔවුන් ප්‍රමාණවත් පරිදි කිරි සපයා නැති බව වාර්තා වෙයි.

හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතුද යම් ආකාරයකින් අඩාල වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.