27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන්ගේ දෙවැනි නඩුවට දින නියම වෙයි

රන්ජන්ගේ දෙවැනි නඩුවට දින නියම වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන පැමිණිල්ල ලබන 25 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියම කළේය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර එහිදී රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය වෙත කොන්දේසි විරහිතව සිය කනගාටුව පළ කිරීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

එම ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බව සිය සේවාදායකයා විසින් ප්‍රකාශ කරන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ලබන 25 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධිකරණය විසින් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නේය.