29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂේන් වෝන්ගේ දේහය අද ඔස්ට්‍රේලියාවට

ෂේන් වෝන්ගේ දේහය අද ඔස්ට්‍රේලියාවට

පසුගිය සිකුරාදා (04) අභාවප්‍රාප්ත වූ ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රිඩක ෂේන් වෝන්ගේ දේහය අද (09) පස්වරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔස්ට්‍රේලියාව බලා රැගෙන යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂේන් වෝන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මෙල්බර්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මාර්තු මස 30 වැනිදා සිදු කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

වෝන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට මෙල්බර්න් ක්‍රීඩාංගනයට පැමිණීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති අතර ලක්ෂකයට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වනු ඇතැයි සංවිධායකින් අපේක්ෂා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අපේක්ෂා කරන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මෙල්බර්න් ක්‍රීඩාංගනයට ඇතුළුවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කීරීම සම්බන්ධයෙන් මේ වනවිට අවදානය යොමුව ඇති බවය.