29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඅද සිට විශ්‍රාමිකයින්ට සහනයක් සහනයක්

අද සිට විශ්‍රාමිකයින්ට සහනයක් සහනයක්

විශ්‍රාමික හැඳුනුම්පතකට හිමිකම් කියන ඕනෑම විශ්‍රාමිකයෙකුට කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලය හරහා අද (10) සිට බලාත්මක වන පරිදි සහන පැකේජයක් හඳුන්වාදීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳසැල් සහ ෆාමසිවලින් මෙම වට්ටම් සහිත ගණුදෙනු කිරීමේ හැකියාව විශ්‍රාමිකයින්ට සැලසෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

භාණ්ඩ මිලදී ගැනීමේදී බිල්පතෙහි මුළු එකතුව සඳහා සියයට 5ක වට්ටමක් ලබාදීමත්, සෑම මාසයකම විශ්‍රාම වැටුප් සතිය තුළ තෝරා ගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමත් මේ යටතේ සිදු කෙරේ.

කාගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිනමාහල්වලින් ටිකට්පත් මිලදී ගැනීම්වලදී සියයට 25 ක වට්ටමක් සහ කේ එෆ් සී අවන්හල්වල රුපියල් 5000ට වැඩි බිල්පත් සඳහා සියයට 10ක වට්ටමක්ද විශ්‍රාමිකයින්ට මෙහිදී ලබා දී තිබීම විශේෂත්වයකි.