32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalතවත් ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් ගොඩබායි

තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් ගොඩබායි

තවත් නෞකාවක ඇති ඩීසල් ගොඩ බෑමේ කටයුතු අද ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ, එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් ඇති බවයි.

එම ඩීසල් වෙළඳපොළට බෙදා හැරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9000 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ ඩීසල් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමිනි.

තවත් ඩීසල් නෞකා කිහිපයක් මෙරටට සේන්දුවීමට නියමිතව ඇති අතර ඒ සමග දැනට පවතින ඩීසල් හිඟය ක්‍රමයෙන් පහව යනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කළේ ය.