― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක ණයක්

මෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදීද ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 750ක සහන ණය ලබා දී ඇති අතර ඔවුන් පවසන්නේ මෙරට සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවයි. කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමටත්, මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහය වන බව එහි සභාපතිනිය එහිදී සඳහන් කර ඇත.

හරිත කෘෂි කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම සාකච්ඡාවේදී පවසාඅ තිබේ.