26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගෑස් තොග ඇත්තේ හෙටට පමණයි 

ගෑස් තොග ඇත්තේ හෙටට පමණයි 

සිය සමාගම සතුව ගෑස් තොග පවතින්නේ හෙට (14) දිනය සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ වන විට තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 බැගින් වූ නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති බවත් අදාළ නෞකාවලට හෙට වනවිට මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් යළිත් වරක් ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ලිට්‍රෝ සමාගම පෙන්වාදෙයි.

ණයවර ලිපි විවෘත කිරීම සහ දිවයිනට ළඟා වී ඇති ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ ගැටලු හේතුවෙන් දින ගණනක් පුරා වෙළෙඳපොළේ පවතින්නේ දැඩි ගෑස් හිඟයකි.
ඉන් සාමාන්‍ය ජනතාව මෙන්ම ආපනශාලා හිමිකරුවන් ඇතුළු කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට මුහුණ දී සිටී.

අදත් ප්‍රදේශ රැසකම ගෑස් නොමැතිව ජනතාව දැඩි අපහසුතාවට ලක්ව ඇති ආකාරය දක්නට ලැබුණු අතර අද දහවල් කඩවත නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයේ ගෑස් ලබා නොදීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.