ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14) බැංගලූරුහීදී තුන්වන දිනටත් පැවැත්වෙයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 109කට දැවී ගියේ ය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43ක් රැස් කළ අතර පිතිකරුවන් 9 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.
ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 5ක් දවා ගත්තේ ය.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ඉනිම අත්හිට වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 303ක් රැස් කරගෙන සිටියදී ය.
රිශාබ් පාන්ට් සහ ශ්‍රෙයාස් අයියර් අර්ධ ශතක ලබා ගත්තේ ය.
ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 447ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 28කි.
දිමුත් කරුණාරත්න ලකුණු 10 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් රැස් කර නොදැවී කඩුල්ලේ රැදී සිටී.


