― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් පාලනය කරන්න අපිට බෑ

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් පාලනය කරන්න අපිට බෑ

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට නොහැකි බවත් එම තත්වයන්ට අනුගත වීමට ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාට සිදුවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසීය.

සමස්තයක් ලෙස මුලු ලෝකයේම ආර්ථිකය බරපතල ලෙස කඩාවැටී ඇති බවත් අපට ඩොලර් අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඒ් අනුව බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඉන්ධන, ගෑස් ඇතුළු සියලු ආනයනයන්ට මතුව ඇති ප්‍රධානතම බාධාව ඩොලර් හිඟය වන අතර මෙම ගැටලුව අවසන්වීමට තවත් මාස කිහිපයක් ගතවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව අවම වශයෙන් තව මාස හයක්, හතක් යනතෙක් ඉන්ධන පෝලිම් හා ගෑස් පෝලිම් ඇතිවිය හැකි බව ඇමතිවරයා කියා සිටියේය.

මෙම සියලු අර්බුද විසඳා ගැනීමට නම් ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත ඉහළ නංවා ගතයුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඒ් සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.