― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට

ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 152 ක් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දිස්ත්‍රික්කවලට අදාළ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 149 යි. හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 148ක් වන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක සදහා වන සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ ලකුණු 146 යි. අම්පාර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයට අදාළ කඩඉම් ලකුණ 145කි.

වව්නියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණ 142 වන අතර එම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණ ලෙස මෙවර දැක්වෙන්නේ ලකුණු 147 යි.

මේ අතර යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට අදාළ 2021 පහේ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකූණ 148 වන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.