27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 39ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 39ක් අත්අඩංගුවට

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග තරුණයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ,මුහුණුපොතින් හඳුනාගත් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන මටට්ක්කුලිය, ගනේමුල්ල, මීගමුව, අනුරාධපුර, වත්තල, මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

පොලීසිය පැවුසවේ, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 110 , හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, ගංජා ග්‍රෑම් 27 ක් හා මත්පෙති 15 ක් සොයාගත් බවයි.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.