දෙනියාය ප්‍රදේශයේදී උපකාරක පන්තියකට යමින් සිටි බව කියන 15 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත දෙනියාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකපිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ දියදාව සහ මිරිස්ස පදිංචිකරුවෝය. දැරියන් ගෙන ගිය බවට කියන ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන ඇත.