― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබැසිල් රාජපක්ෂ කියන්නේ රටට අපලයක්

බැසිල් රාජපක්ෂ කියන්නේ රටට අපලයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටට ඇති අපලයක් වී ඇති බවත් ආණ්ඩුව බලයට ගෙනා 69 ලක්ෂයක ජනතාවටම ආණ්ඩුව ගෙදර යැවීමේ හැකියාව ඇති බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහනසේ මේ බව ප්‍රකාශ කළේ අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන විට පිළිනොගන්නේ නම් සහ සෑම දිනකම ජනතාවට දුක් දෙන්නේ නම්, ආණ්ඩුව බලයට ගෙනා 69 ලක්ෂයක ජනතාවටම ආණ්ඩුව ගෙදර යැවීම සඳහා එකතු වන ලෙසයි.

“ජනතාවට හැමදා ම දුක් දෙනවා නම් ජනතාවට කියනවා අපි හැමෝම එකතු වෙලා ආණ්ඩටුවක් ගෙනවා නම් රැකගන්න බැරි නම් අඩුපාඩු පෙන්නලා ඉදිරියට යන්න, 69 පක්ෂයට ම එකතු වෙන්න මහා සංඝරත්නය ත් එක්ක. අපි ලෑස්ති ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩුව ගෙදර යවන්න. අපට පුළුවන් ආණ්ඩුවේ අඩුපාඩු පිළිගන්නේ නැත්නම් ආණ්ඩුව ගෙදර යවන්න. පැවිදි හඬ පෙරමුණ ගන්න ලෑස්තියි. එන්න අපි ත් එක්ක ආණ්ඩුව හදන්න හෝ ගෙදර යවන්න.”

මෙම චෝදනාවලින් ඉවත්වීමට මාස 6ක් හෝ ඈත් වී තමන්ගේ සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වන්නැයි මං බැසිල්ගෙගෙන් ඉල්ලන්න කැමතියි. දවසෙන් දවස අඩුපාඩු වැඩි වෙනවා මිසක් ජනතාවට එන්න එන්න කිසි කාලෙක නැති විදියේ මහා දරුණු ව්‍යසනයක් බවට පත්වෙලා තියෙන්නේ. තියෙන මිනිහාට කන්න විදියකු ත් නෑ. නැති මිනිහාට කොහොමට ත් බෑ. අද අකමැත්තෙන් හරි මට කියන්න වෙලා තියෙනවා බොහොම දෙනෙක් කියන්නේ බැසිල් මහත්තයා මුදල් ඇමති වුණාට පස්සේ තියෙන දේත් නැතිවුණා කියලා මිනිසු කියනවා. අපි දන්නේ නෑ ඇත්ත ද? බොරු ද? කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් බැසිල් මහත්තයෝ මිනිසුන්ලේ මේ චෝදනාවලන් නිදහස් වෙන්න 6 මාසයක්වත් ඈත්වෙලා ඉන්න. අද ඔබතුමා තමයි ලොකුම අපලය කියලා ජනතාව කියන්නේ. අපි ඔඉගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න සහයෝගය දෙන්න.”