32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසජබෙ රැළියෙන් කොළඹ පාරවල් අවහිර වෙයි

සජබෙ රැළියෙන් කොළඹ පාරවල් අවහිර වෙයි

දරාගත නොහැකි ජීවන වියදමට විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරන දැවැන්ත විරෝධතාවක් අද (15) කොළඹදී පැවැත්වේ.

සමගි ජන බලවේගය විසින් එය සංවිධානය කරනු ලබන අටහර විරෝධතාවයට සහභාගි වීමට මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව කොළඹට පැමිණෙමින් සිටී.

‘රට විනාශයි – බේරාගමු’ යන්න මෙම විරෝධතාවේ තේමාව පාඨය වන අතර සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති.