28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅර්බුදයේ මහ මොළකරු බැසිල් රාජපක්ෂයි

අර්බුදයේ මහ මොළකරු බැසිල් රාජපක්ෂයි

රට පත්ව ඇති වත්මන් අර්බුදයේ සංකේතය මුදල් අමාත්‍යවරයා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මම කැබිනට් රැස්වීමට යන්නේ නැහැ. අමාත්‍යාංශයේ කටයුතුවලට සහභාගි වෙන්නෙත් නැහැ. තාම මාව ආණ්ඩුවෙන් නෙරපළා නැති නිසා මං ආණ්ඩුවෙන් පිට ඉන්නවා කියන්නත් බැහැ. මට ඉල්ලා අස්වෙන්න හේතුවක් තියෙන්න එපැයි. මට ඉල්ලා අස්වෙන්න මේ දෙන්නා අස්කරපු එක හේතුවක් කර ගන්න බැහැනේ. අද මේ අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙක් සහභාගී වුණේ නැහැ. බැසිල් රාජපක්ෂ මේ අර්බුදයට මුල කියලා මේ වෙකොට මාධ්‍යයේ පළ වෙනවා. ඒක තමයුඉ ඇත්ත. ඔහු තමයි මේ අර්බුදයේ මහ මොළකරු.”