පොල්තෙල් මිල ඉහළ නැංවිය යුතු බව පොල්තෙල් නිෂ්පාදකයින් පවසයි.
ඉන්ධන මිල ඉහළයාම සහ පොල්තෙල් නිෂ්පාදනයට ප්රමාණවත් පොල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එලැඹි බව ඔවුන් ප්රකාශ කරයි. ඒ අනුව පොල්තෙල් මිල ඉහළ දමනවාද? නැතහොත් කර්මාන්තයට සහනයක් ලබාදෙනවාද? යන්න සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතය.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පොල්තෙල් කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ලවී තිබේ.