27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල මණ්ඩලයේ කෝටි 8,670ක ණය මහා භාණ්ඩාගාරයෙන් ගෙවයි

විදුලිබල මණ්ඩලයේ කෝටි 8,670ක ණය මහා භාණ්ඩාගාරයෙන් ගෙවයි

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ලබාගැනීම වෙනුවෙන් මෙම හිඟ මුදල ගෙවීමට නියමිතව තිබූ අතර මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන බැවින් එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබේ.

විදුලිබල මණ්ඩලය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර විදුලි පාරිභෝගිකයන්ගෙන් පමණක් අයවිය යුතු මුදල රුපියල් කෝටි 4,400 ඉක්මවා ගොස් ඇත.

විදුලිබල මණ්ඩලය රාජ්‍ය බැංකු දෙක සඳහා ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 8,900 ඉක්මවා ඇති අතර මණ්ඩලය ඉකුත් වසරේ ලබා ඇති අලාභය රුපියල් කෝටි 8,200 ක් පමණ වන බව විදුලිබල මණ්ඩලයේ වාර්තා අනාවරණය කරයි.