― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalජනපති විවේචනය කළාට රූපවාහිනි නිවේදිකාවගේ වැඩ තහනම්

ජනපති විවේචනය කළාට රූපවාහිනි නිවේදිකාවගේ වැඩ තහනම්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව පාරමී රණසිංහ පවසයි.

රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.

පාරමී රණසිංහ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා කිසිඳු ප්‍රකාශයක සිදුකර නොමැත.