― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalඩයනාගෙන් සජබෙට කනේ පහරක්

ඩයනාගෙන් සජබෙට කනේ පහරක්

කොළඹට මිනිස්සු ගෙනාව පමණින් ඩොලර් අහසින් වැටෙන්නේ නැති බවත් පිස්සෝ වගේ පාරවල්වල කෑගගහා ඇවිදින් නැතුව රටේ ජනතාවත් සමඟ එක්වී රට ගොඩ දමන්න පිළෛයමක් සොයා ගත යුතු බවත් පවසමින් ඩයනා ගමගේ මන්ත්‍රිවරිය සමගි ජන බලවේගයට චෝදනා කළාය.

පසුගිය 15 වැනිදා සමගි ජන බල්වේගය විසින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඒ පිළිබඳව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සිය අප්‍රසාදය පළ කළේ මෙලෙසිනි.

“ඉස්සෙල්ලම සජිත් ප්‍රේමදාස මහතා කොළඹට ජනතාව ගෙන්නන්නේ නැතිව රටේ ජනතාව උසිගන්වන එක නතර කරන්න. ඊළඟට කැඩිලා ගිහිල්ලා තියෙන සමගි ජන බලවේගය එකතු කරන්න.මම ඔය පක්ෂය දුන්නෙ ඔක්කොම එකතුවෙලා වැඩ කරන්න. ඒත් අද පක්ෂය කෑලි වලට කැඩිලා ගිහිල්ලා. එක්කෙනෙක් 43 සේනාංකය කියලා එකක් හදාගෙන. තව කෙනෙක් වෙන ගමනක. තව කට්ටියක් රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කතා කරනවා. ඒ නිසා විහිලු සපයන්නේ නැතුව පක්ෂය එකතු කරගන්න.

මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක රටේ ලෝකේ ජනතාව ඔක්කොම දන්නවා. සමගි ජන බලවේගය පාරට බැස්සා කියලා, කොළඹට මිනිස්සු ගෙනාවා කියලා හෙට ඩොලර් අහසින් වැටෙනවද. මේ ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. පිස්සෝ වගේ පාරවල්වල කෑගගහා ඇවිදින් නැතුව මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා, ආණ්ඩුවත් එක්ක යම් කිසි විදිහක සාකච්ඡාවක් කරලා, රට ගොඩ දාන විදියක් හොයා ගන්න. ඔය විහිලුව නවත්වන්න.”