26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

බැසිල් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (16) ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙරට ජනතාවගේ අවශ්‍යතා සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ වර්ධන් ශිංග්ලා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවු බව ඉන්දීයාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය සඳහන් කළේය.