30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදුම්රියෙන් වැටී විදේශිකයෙක් මියයයි

දුම්රියෙන් වැටී විදේශිකයෙක් මියයයි

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඊජිප්තු ජාතික අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නැමැති 32 හැවිරිදි සංචාරකයෙකි. මොහු බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මොහු මීට සතියකට පෙර සංචාරයක් සදහා මෙරටට පැමිණ ඇති අතර ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටියදී පට්ටිපොල දුම්රිය ස්ථානය අසළදි පාපුවරුවෙන් වැටී බරපතල තුවාල ලබා තිබේ.

ඉන්පසු මොහු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නිසා විදේශිකයා සමඟ පැමිණි ඔහුගේ මිතුරන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊජිප්තු ජාතිකයා මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පට්ටිපොල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.