26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalදුම්රියෙන් වැටී විදේශිකයෙක් මියයයි

දුම්රියෙන් වැටී විදේශිකයෙක් මියයයි

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඊජිප්තු ජාතික අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නැමැති 32 හැවිරිදි සංචාරකයෙකි. මොහු බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මොහු මීට සතියකට පෙර සංචාරයක් සදහා මෙරටට පැමිණ ඇති අතර ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටියදී පට්ටිපොල දුම්රිය ස්ථානය අසළදි පාපුවරුවෙන් වැටී බරපතල තුවාල ලබා තිබේ.

ඉන්පසු මොහු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නිසා විදේශිකයා සමඟ පැමිණි ඔහුගේ මිතුරන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊජිප්තු ජාතිකයා මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පට්ටිපොල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.