26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපලතුරු ඇතුළු භාණ්ඩ 09ක බදු ඉහළට

පලතුරු ඇතුළු භාණ්ඩ 09ක බදු ඉහළට

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 09ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මුදල් අමාත්‍යංශය විසින් ඉහළ නංවා තිබේ.

මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 06ක් සඳහා බලපැවැත්වෙනු ඇත. ඒ අනුව නව බදු ඉහළ යෑමත් සමගඟ ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑමට නියමිතය.

රජයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙලෙස බදු ඉහළ නැංවීම සිදු කර තිබේ. ඊට අනුව ඇපල් කිලෝ ග්‍රෑමයක බදු රුපියල් 200කින් ඉහළ යන අතර මිදි කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 100කින් ඉහළ යනු ඇත.

දොඩම් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 75කින් බදු ඉහළ යන අතර දෙළුම් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100කින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කොට තිබේ.

යෝගට් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 200කින් බදු ඉහළ යන අතර චීස් කිලෝග්‍රෑමයකට රුපියල් 400කින් නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ප්‍රකාශයට පත්කර ඇත.