30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනාවලදී ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

නාවලදී ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

අද (18) උදෑසන නාවල ප්‍රදේශයේ ඉන්ධන පොරවුම්හලක් කොල්ල කා තිබේ.

හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයන් පස්දෙනෙක් පොම්ප කරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

ඉන්ධන ලබා ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන ත්‍රීරෝද රථයකින් පැමිණෙන මෙම කොල්ලකරුවන් පස්දෙනා පොම්පකරුවන් අසළට පැමිණ පහරදී පිටුපස සඟවා ගෙන තිබූ තියුණු ආයුධය අත දරාගෙන බියගන්වා මුදල් කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.

කොල්ල කෑ මුදල කොපමණ දැයි මෙතෙක් ගණන් බලා නැති අතර කොල්ලය සිදුවන ආකාරය එහි සීසීටීවි කැමරාවක සටහන් වී ඇත.

කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් මේ වනවිට ලැබී ඇති අතර ඔවුන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි පොලිසිය අවධාර්ණය කරයි.