26.7 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපාදයක් අහිමි තිදරු මවට කෘත්‍රිම පාදයක්

පාදයක් අහිමි තිදරු මවට කෘත්‍රිම පාදයක්

දියවැඩියා රෝගය හේතුවෙන් පාදයක් අහිමිව පීිඬා විඳිමින් සිටි රඹුක්කන, සියඹලන්ගමුවේ පදිංචි තිදරු මවක් වන අනූෂා අත්තනායක මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (17) අරලියගහ මන්දිරයේදී කෘත්‍රිම පාදයක් පිරිනැමුවා ය.

වසර දහයක පමණ කාලයක් දියවැඩියා රෝගයෙන් පීඬා විඳි පනස්පස් වැනි වියේ පසු වන ඇය තමා විඳි පීඬාව පිළිබඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කෘත්‍රීම පාදය පිරිනැමිණි.

මෙතෙක් තමන් විඳි පීඬාවට අස්වැසිල්ලක් ලැබීම පිළිබඳ සතුටට පත් අනූෂා අත්තනායක මහත්මිය මෙහි දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිය ස්තුතිය ප්‍රකාශ කළා ය.