31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමවගේ නොසැලකිල්ල නිසා අකාලයේ මිලින වූ කුසුම

මවගේ නොසැලකිල්ල නිසා අකාලයේ මිලින වූ කුසුම

කොළඹ කුරුණෑගල මාර්ගයේ හිරලුගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් දැරියක් මිය ගොස් ඇති බව කොටදෙණියාව පොලීසිය පවසයි.

දිවුලපිටිය පින්නලන්ද ලිපිනයේ පදිංචිව සිටි දුල්සි දිල්හාරා සත්සරණි නැමති (16) පාසල් සිසුවියක් මෙලෙස මියගොස් ඇත. ඊයේ (17) යතුරු පැදියෙන් සිය මව කජු විකිණීමට ගොස් ආපසු යමින් සිටියදී පසුපසින් වේගයෙන් පැමිණි ටිපර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇත. දියණියගේ මව විසින් යතුරු පැදිය පදවා ඇති අතර මව සුළු තුවාල ලබා ඇත.

මිය ගිය දැරියගේ මෘත ශරීරය දිවුලපිටිය දිසා රෝහලේ තැම්පත් කර තිබේ. ටිපර් රථයේ රියදුරු කොටදෙණියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොටදෙණියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.