29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයුක්රේනයේ සටන් විරාමයක් ඇති කරන්නැයි WHO ඉල්ලයි

යුක්රේනයේ සටන් විරාමයක් ඇති කරන්නැයි WHO ඉල්ලයි

යුක්රේනය තුළ වහා සටන් විරාමයක් ඇති කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් අවධාරණය කරන්නේ ජගත් ආරක්ෂක කවුන්සිලයේද මැදිහත්වීම යටතේ එය ඇතිකරගත යුතු බවයි. යුක්රේනය තුළ පිහිටා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන 43කට මේ දක්වා රුසියානු ප්‍රහාර එල්ල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එහිදී සෞඛ්‍ය සේවකයන් 12 දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති අතර සෞඛ්‍ය සේවකයන්ට එරෙහි ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් බව වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් පෙන්වා දෙයි.

මේ අතර රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන සිවිල් වැසියන් 726 දෙනෙකු මේ දක්වා මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ළමුන් 52 දෙනෙකුද ඒ අතර වෙයි.

යුක්රේන ගැටුම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජිංපිංග් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක් අද (18) පැවැත්වීමට නියමිත අතර පවතින තත්වය සමථයකට පත් කර ගත හැකි ආකාරය පිළිබඳ එහිදී අවධානය යොමු කෙරෙනු ඇත.