― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsයුද්ධය දිනන්න ඇති, ඒත් බඩගින්න කියන යුද්ධය පරාදයි

යුද්ධය දිනන්න ඇති, ඒත් බඩගින්න කියන යුද්ධය පරාදයි

අද අප රටේ පවතින්නේ බඩගින්න කියන යුද්ධය බව පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බඩගින්න යන යුද්ධය සම්පුර්ණයෙන්ම පරාද වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා,

“ඉදිරි අවුරුදු දහස් ගානම රාජපක්ෂ පරම්පරාව දේශපාලන කරලියේ කතා කරන්න යන්නේ යුද්ධය ගැන පමණක්මද. මේක තමයි ලොකුම ප්‍රශ්නය. ජනතාව තව අවුරුදු දහස් ගානක් වැදුම් පිදුම් කරන්න ඕනේ මේ රාජපක්ෂ පවුලට මේ යුද්ධය දිනපු නිසාමද.

ජනතාව කතිරයක් ගහලා එකම පවුලේ අයියයි, මල්ලියි දෙන්නම මේ රටේ ජනාධිපති කරා. මේක මදිද. ජනාධිපතිතුමනි ඔබතුමා යුද්ධය දිනපු එක හරි. මම දන්නේ නැහැ ඔබතුමා ලොකු ක්‍රමයකින් යුද්ධය දිනුවද කියන එක නමුත් ඔබතුමා බඩගින්න කියන යුද්ධය සම්පුර්ණයෙන්ම පරාදයි.

අද අපේ රටේ තියෙන්නේ සහෝදරයන් අතර යුද්ධයක් නෙවෙයි. අද අපේ රටේ තියෙන්නේ තුවක්කු අතට ගත්ත යුද්ධයක් නෙවෙයි. අද අපේ රටේ තියෙන්නේ බඩගින්න කියන යුද්ධය”