30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට සහයදීමේ සාකච්ඡා ආරම්භ කෙරේ

ශ්‍රී ලංකාවට සහයදීමේ සාකච්ඡා ආරම්භ කෙරේ

ශ්‍රී ලංකාවට සහයදීමේ වැඩසටහනක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

රට මුහුණ දී ඇති දැවැන්ත විනිමය අර්බුදය සහ උද්ධමනය හමුවේ මෙම පියවර ගෙන ඇති අතර අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව මූල්‍ය අරමුදල අනාවරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් නිර්දේශ කිහිපයක්ද ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි සුදුසුම ආකාරය ලබන මාසයට යෙදී ඇති මුදල් අමාත්‍යවරයාගේ වොෂින්ටන් සංචාරයේදී තීරණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කළේය.