― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපිට පිට දෙවතාවක් ඔසුසල බිඳ කිරි පිටි රැගෙන ගිහින්

පිට පිට දෙවතාවක් ඔසුසල බිඳ කිරි පිටි රැගෙන ගිහින්

බස්නාහිර ප්‍රධාන පෙළේ නගරයක පිහිටි ඔසුසලක් පිට පිටම දෙදිනක් සොරුන් බිඳ බෙහෙත් හා කිරිපිටි රැගෙන යාමේ සිද්ධියක් වාර්තා වේ.

ඔසුසල් හිමියා විසින් ඔසුසල ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං ආරක්ෂණ වැඩපිළිවෙලක් යොදා ඇති අතර පළමු දිනයේ වහලයෙන් ඇතුළු වූ සොරුන් බෙහෙත් අල්මාරියක තිබූ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් සඳහා පමණක්ම නිකුත් කරන බෙහෙත් වර්ගයක විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් ඇත.

මෙහි අයිතිකරු පාඩුව විඳ දරාගන්නා අදහසින් පොලීසියට පැමිණිල්ලක් කර නැත.
එදින දහවල් වෙළඳ කටයුතු සිදු කර නිවසට ගිය සේවක පිරිස පසුදින උදේ ඔසු සල විවෘත කිරීමේදී පෙරදින රාත්‍රියේ යළිත් වතාවක් සොරු බිඳ ඇති බව හෙළි වී ඇත.

ඒ අවස්ථාවේ සිදු කෙරුණු පරීක්ෂාවේදී දැනගන්නට ලැබී ඇත්තේ කිරි පිටි පැකට් තොගයක් රැගෙන ගොස් ඇති බවයි. වටිනාකමින් වැඩි කිරිපිටි වර්ග රැසක් තිබියදී මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ වටිනාකමින් අඩු කිරිපිටි වර්ග බවද එහිදී දක්නට ලැබී ඇත.