26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුවෙන් රුපියල් 20 කාසියක් නිකුත් කෙරේ

මහ බැංකුවෙන් රුපියල් 20 කාසියක් නිකුත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 20ක වටිනාකමක් ඇති සමරු කාසියක් නික්තු කර තිබේ.

ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් එම කාසිය නිකුත් කර ඇති අතර මුහුණත වටිනාකම රුපියල් 20කින් යුත් එම සංසරණ සම්මත සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීම අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්තයි. එම කාසියේ විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගණකම මිලි මීටර 2කින් යුක්ත බව මහ බැංකුව පවසයි. සංසරණය සඳහා මෙම කාසි ලක්ෂ විස්සක් නිකුත් කර තිබේ.