― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසහල්වලට පාලන මිලක්

සහල්වලට පාලන මිලක්

සහල් සඳහා පාලන මිලක් පැනවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අවුරුදු සමය වන විට සහල් අඩු මිලට ලබා දීමට හැකි බවත් ඒ අනුව නාඩු සහල් රුපියල් 140කට ලබාදීමට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

රජය සතු සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමට අදාළ කටයුතු කරන මේ වනවිට සිදු කරමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.