28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉඩම් කොමසාරිස් ජනරාල්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ඉඩම් කොමසාරිස් ජනරාල්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට පියවර නොගන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් කුමාර ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු 05ක් නම් කර තිබේ.

එම චක්‍රලේඛය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන සැප්තැම්බර් 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්, වනසංරක්ෂණ ජෙනරාල් ඇතුළු 05කට නොතීසි නිකුත් කර ඇත.