ගලේවෙල බුදුගේහින්න දෙමටගොල්ලව ප්රදේශයේදී පුද්ගලයෙකු සතුව තිබී මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ T56 වර්ගයේ ගිනිඅවිවලට යොදාගන්නා උණ්ඩ 70ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට නිෂ්පාදිත මෙම ගිනි අවිය T 56 වර්ගයේ ගිනි අවිවලට යොදන පතුරම් යොදා ගනිමින් වෙඩි තැබීමේ හැකියාව ඇති අතර මෙය දඩයම් සදහා යොදා ගෙන ඇති බවට සක්ෂි ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු නීතිවිරෝධී ගිනි අවිය හා පතුරම් හෙට (23) කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.