අදත් (22) ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.
ගෑස් නෞකා 03ක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ අනුව අද අනිද්දා සහ සිකුරාදා යන දිනවල එම නෞකා තුන මෙරටට පැමිණීමට නියමිතය.
මෙම නෞකාවලින් ගෑස් මෙට්‍රික් ටොන් 11,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති අතර ඉන් අද පැමිණීමට නියමිත නෞකාවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් අඩංගුය.
එම නෞකාව සඳහා අවශ්‍ය මුදල් ගෙවා ඇති බවත් නෞකාව පැමිණීමෙන් පසු කඩිනමින් ගෑස් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් ලිට්රෝ සමාගම පවසයි.