― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට ගොඩ දාන්න පුළුවන් දක්ෂයින් ආණ්ඩුවේ ඉන්නවා

රට ගොඩ දාන්න පුළුවන් දක්ෂයින් ආණ්ඩුවේ ඉන්නවා

රට ගොඩ දැමීමට දක්ෂ පුද්ගලයින් ආණ්ඩුව තුළ සිටින බවත් මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව හේදිලාම යන බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

අද වනවිට ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් සිටින බවත් ජනතාවට සත්‍ය අවබෝධ කර දී මෙය වෙනස් කිරීමට ආණ්ඩුවට තව කාලය ඉතිරි වී තිබෙන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ලොතරැයි මණ්ඩල අලෙවිකරුවන් සඳහා ගිරිතලේ හෝටලයකදී පැවැති සුහද හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

“ගෑස්වල හිඟකමට වඩා ගෑස් හංගලා කළු කඩ කාරයෝ අසීමිත ලෙස මුදල් උපයනවා. මේකට අවුරුදු 70 ක පාලනය තුළ අවුරුදු 18 ක 20 ක පාලනය හැර ඉතුරු කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ බලපෑවා. 1948 සිට 1977 දක්වා ඩොලරයකට ගෙව්වේ රුපියල් 7 යි. ජේ.ආර්. ජයවර්ධන මහතා පිටරටින් බඩු ගේන එක ආරම්භ කරපු දින සිට අපේ ආර්ථිකය කඩා වැටුණා. අපි සියලු දෙනා සැමදෙයකටම දේශපාලනඥයින්ට අත දිග හරිනවාට වඩා තමාගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමට කටයුතු කළ යුතුයි. කොවිඩ් හැදිලා එන්නත ලබා දුන්නා. ආර්ථික වශයෙන් වැටිලා ඉන්න විට රුපියල් 5000 දීමනාව
ලබා දුන්නා. ඉතා හොඳින් අපි ආණ්ඩුව කළමණාකරණය කරගෙන ආවත් යම් තැනන අපිට වැරදිලා තියෙනවා. අපි එම වැරැද්ද හදා ගත යුතුයි. මෙයින් වාසි ලබා ගැනීමට මේ රට අවුරුදු 05 කට විනාශයට ඇද දමන ලද විපක්ෂය අද උත්සහ දරනවා.

2015 සිට 2019 දක්වා ණය ප්‍රමාණය රුපියල් බිලියන 7000 ක සිට රුපියල් බිලියන 14000 ක දක්වා වැඩිකිරීම, මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය යන මේ සියල්ලම අද මේ තත්ත්වයට හේතු වුණා. නායකයින් තොරතුරු ලබා දෙනවිට සත්‍ය තොරතුරු ජනතාවට ලබා දිය යුතු වන අතර අපි සත්‍ය තත්ත්වය කීමට පැකිළෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට ජනතාව වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අසීමිත ලෙස විශ්වාස කරලා. එතුමා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කළා. ලෝක ඉතිහාසයේ කිසිම තැනක නැහැ ජනාධිපතිවරයා සිටින දිස්ත්‍රික්කය පාරජය කරන ලද රටක්. පළමුවැනි වතාවට අපි එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී කළා. අද ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කළකිරිලා හා වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලා යන්නේ. මේක වෙනස් කරන්න පුළුවන්. ජනතාව දුන්න වරමින් ජනතාවට කරුණු හා සත්‍යය අවබෝධ කරල දීලා. අපිට තවත් කාලය තිබෙනවා මේ රට ගොඩ දමන්නට. ඒ සඳහා දක්ෂ පුද්ගලයින් අපේ ආණ්ඩුවේ ඉන්නවා. අපේ ප්‍රධානම බැඳීම තිබෙන්නේ ජනතාව සමඟයි. ඔබ පත් කරන ලද මේ රජය කෙරෙහි විශ්වාසය තබලා කටයුතු කරන්න. ඔබත් සමඟ අපි ඉන්නවා.”