29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ජන බලවේගයේ විරෝධතා රැළිය අද නුගේගොඩදී

ජාතික ජන බලවේගයේ විරෝධතා රැළිය අද නුගේගොඩදී

ජාතික ජන බලවේගයේ ‘ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74 වසරක ශාපය නිමාකරමු’ යන තේමාව යටතේ පැවැත්වෙන විරෝධතා රැලිය අද (23) නුගේගොඩ දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කිරීමට නියමිතය.

පස්වරු 3.00ට දෙල්කඳ හන්දියෙන් පෙළපාළිය ආරම්භ කර නුගේගොඩට පැමිණීමෙන් පසු රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන්, සාමාජිකයන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගි වීමට නියමිතය.