27.8 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනොසැලකිලිමත් රිය ධාවනයෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

නොසැලකිලිමත් රිය ධාවනයෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

තලාඔය පොලිස් වසමේ, හාරගම තැන්නේකුඹුර මාර්ගයේ ඊයේ (22) සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හාරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් යතුරපැදිකරු, පසුපැදිකාරිය, මෝටර් රථයේ රියදුරු, ත්‍රිරෝද රථයේ රියදුරු හා එහි ගමන් ගත් මගී කාන්තාවක් සහ කුඩා දරුවෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ පැදිකරු මියගොස් තිබේ.

මෝටර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.