28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපෝලිම් යුගය ඉක්මනින් අවසන් කරනවා

පෝලිම් යුගය ඉක්මනින් අවසන් කරනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්විය.

පැය 3කට අධික කාලයක් පැවති එම රැස්වීමේදී රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවේය.

“අවසානයේ තීරණය වුණේ සියලු දෙනා එකට සිටිමින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න එක. මේ සියලු ප්‍රශ්න හෙට විසඳන්න බෑ. නමුත් කඩිනමින් පෝලිම් අවසන් කරන්න අවශ්‍ය වැඩකටයුතු සිදුවෙයි. කිසිම උණුසුම් තත්ත්වයක් ඇති වුණේ නෑ. සාමකාමීව සාකච්ඡාව සිදුවුණා. බැසිල් ඇමතිතුමාගේ කාර්යක්ෂම දායකත්වය අපේ කණ්ඩායම අගය කළා.”

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේ රැස්වෙද්දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයින්ගේ හමුවක්ද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පවත්වා තිබේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍ය විමල්, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ ඒ. එල්. එම්. අතාඋල්ලා හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් මෙම හමුවට සහභාගී වී ඇත.