29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති රියදුරු ඝාතනයට එකම පවුලේ සිව්දෙනා රිමාන්ඩ්

ඇමති රියදුරු ඝාතනයට එකම පවුලේ සිව්දෙනා රිමාන්ඩ්

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

පිළියන්දල මාවිත්තර ගම්මාන – පාර පදිංචිව සිටි යුද හමුදාවේ විශ්‍රාමික කිමිදුම් සෙබල තනියප්පුලිගේ නන්දන තුෂාන්ත පිරිස් (52) ( පියා ) , තෙල්ගේ නිරෝෂණී රූපිකා පිරිස් ( මව) (46) ඔවුන් දෙපළගේ පුතුන් දෙදෙනා වන තනියප්පුලිගේ නිරෝෂ් නිලුපුල් පිරිස් (21) හා යුද හමුදා විශේෂ කාර්ය බලකායේ සේවය අත්හැර ගිය තනියප්පුලිගේ සමීර සම්පත් පීරිස් නොහොත් බොක්සර් (25) නැමැති එකම පවුලේ සිව් දෙනා මෙලෙස රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.

රිමාන්ඩ් භාරයට පත් සැකකාර නිරෝෂ් නිලුපුල් පිරිස් නැමැත්තා ඉකුත් 21 වැනිදා ගම්මාන වත්ත පාර ප්‍රදේශයේ අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කිරීම සම්බන්ධව ඝාතනයට ලක්වූ මාවිත්තර ගම්මාන වත්ත පාර පදිංචිව සිටි කණිෂ්ක ගයාන් (41) දෙදරු පියා විසින් 21 හැවිරිදි සැකකරුට සෙමෙන් යතුරුපැදිය ධාවනය කරන ලෙස පැවසීම මුල්කරගෙන ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව යතුරුපැදිකරුගේ පවුලේ අය තියුණු ආයුධ හා පොලු රැගෙන පැමිණ මරණකරුට පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.