26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකංසා නීතිගත නොකිරීමෙන් රටට ඩොලර් බිලියන 2ක් අහිමි වුණා

කංසා නීතිගත නොකිරීමෙන් රටට ඩොලර් බිලියන 2ක් අහිමි වුණා

කංසා නීතිගත කිරීමට අදාළව තමා ගෙනා යෝජනාව ක්‍රියාත්මක නොකළ නිසා රටට ඩොලර් බිලියන 2ක මුදලක් අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගාමගේ පැවසුවාය.

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති සර්ව පාක්ෂික සමුළුවට ඩයනා ගමගේ මන්ත්‍රීවරියද සහභාගී වී සිටි අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

“අපි දන්නවා ඉන්දියාවේ ප්‍රාන්ත තුනකට නීත්‍යානුකූලව බලය දීලා තිබෙනවා කංසා පිටරට යවන්න. ඒත් අපේ රට අද මේ වගේ තත්ත්වයක තිබියදී ඩොලර් බිලියන 2 ක් වාර්ෂික උපයගන්න තිබුණා මම මේ යෝජනාව ගෙන ආපු දවසේ ඉඳන් ක්‍රියාත්මක කළානම්. ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු නොකළ නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් නැති වුණා.”