27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසොත්ති උපාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

සොත්ති උපාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් කොල්ල කෑ සැකකරුවන් 02ක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා පහර දී මුදල් මංකොල්ලකා ඇති බව පසුගියදා වාර්තා විය.

මෙම සිද්ධියට අදාළව බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින ‘සොත්ති උපාලි’ නැමැත්තාගේ පුතෙකු වන බවයි.